Latestවිදේශීය

ජපානයට අයහපත් කාලගුණයක්

නිරිතදිග ජපානයේ සමහර ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර සහ කඳු කඩාවැටීම් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම තත්ත්වය හේතුවෙන් මේ වන විට එක් කාන්තාවක් මිය ගොස් තවත් හය දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ .

කියුෂු දූපතේ දකුණු කොටසේ ෆුකුඕකා සහ ඔයිටා ප්‍රාන්ත සඳහා හදිසි අනතුරු ඇඟවීමක් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් නිකුත්කර තිබෙන අතර ගංගා ඉවුරේ සහ කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට උපරිම අවධානයෙන් සිටින ලෙසද දැනුම් දී ඇත.

ෆුකුඕකා සහ ඔයිටා ප්‍රාන්තවල 420,000 කට අධික ජනතාවක් මෙම ගංවතුර තත්ත්වයට මුහුණ දෙන බවයි මේ වන විට වාර්තා වන්නේ.

අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල මිලියන 1.7කට වැඩි ජනතාවකට පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙසද දැනුම් දී තිබෙන බව විදෙස් වාර්තා  කරනවා. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *