අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලගදීම..
ලබන මාසයේ මැද වන විට උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (10) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අ.පො.ස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා වෘතීය සමිති සහභාගී වූයේ නැහැ.
එම තත්ත්වය දැන් සමතයකට පත්කරගෙන උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම මේ වන විට සිදුකරගෙන යනවා.
ලබන මාසයේ මැද වන විට උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා”
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

