Latestදේශීයමතවාද

ජාතික දේශපාලනයේ අනුරාගමනය

(මහේෂ් හපුගොඩ)

ජාතික දේශපාලනය සඳහා කැපවෙච්ච නිළඇඳුම (uniform) වුණේ කපටි ඇඳුම. කපටි ඇඳුම කියන්නේ බණ්ඩාරනායක වේට්ටියේ පරිණාමයක් වෙච්ච සුදු

රෙද්ද සහ සුදු කමිසේ. මේ ඇඳුමට රට එකපාරක් නෙවෙයි සිය පාරක් විතර රැවටුණා. බොහොම පොඩ්ඩක් දෙනෙක් දේශපාලඥයෝ ටිකක් විතරයි මේ කපටි ඇඳුමට බැස්සේ නැත්තේ. 

මේ ජාතික ඇඳුමට සමාන ඇඳුමක් තමයි මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ”මැදමුලනේ දඩබ්බරයා” කියල බ්‍රෑන්ඩ් උනෙත්. ඒකත් අයිති වෙන්නේ ජාතික ඇඳුමට.

වමේ අය හිටියේ ආකෘතියට (form) වඩා අන්තර්ගතය (content) කියන තැනක හින්ද එයාල ඇඳුම ගැන වදවුනේ නැහැ. සූට් එක නැත්නම් පෙනුම ගැන වදවෙනවට වඩා එයාල ජනතාවට ඇත්ත කියල දෙන්න – යථාර්තය කියන දෙන්න වදවුණා. 

නීට් එකට සූට් එක අඳිනවා වෙනුවට එයාල පාරේ බැහැල මිනිස්සුන්ට දේශපාලන යථාර්තය කියල දුන්න. එයාල වයසට ගියා. ලෝකය වෙනස් උණා.

මේක දැක්ක ජාතික ජන බලවේගේ ජාතික දේශපාලන ආකෘතියේ වෙනස් කම් කිහිපයක් කරන්න ගත්ත. ඒක ඇතුලේ අනුර ප්‍රමෝට් කරනකොට අර කපටි ඇඳුම (ජාතික ඇඳුම) සහ වමේ සම්ප්‍රදායික නිර් බුර්ෂුවා ඇඳුම (කිළිටි ඇඳුම) කියන දෙකෙන්ම වෙනස් අලුත් ඇඳුමක් සමාජගත කළා. ඒක ස්මාර්ට් කැෂුවල් එකක්. මේ වීඩියෝව ඒ ගැන…

@theleader.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *