Latestදේශීය

රනිල්ට දෝෂාභියෝගයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවශ්‍ය සාක්ෂි තමන් සතු බව ජාතික ජන බලවේගයෙ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කරයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මුදල් නැතැයි යනුවෙන් ඔහු පවසන්නේ අසත්‍ය බවත් ඒ බව ඔප්පු කිරීමට සාක්ෂි ඇති බවත් පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකි බවද කියා සිටියේය.

තමන් මහා භාණ්ඩාගාර ලේකම් වරයාගෙන් ලේඛනයක් ලබාගත් බවත් ඒ අනුව පසුගිය පෙබරවාරි මාසය වන විටත් රුපියල් කෝටි 6000 අතිරික්ත ආදායමක් ඇති බව එහි සඳහන්ව ඇතැයිද වටගල මහතා පැවසීය.

පළාත් පාලන ඡන්දයට සැබැවින්ම අවශ්‍ය වන්නේ අවම වශයෙන් රුපියල් බිලියන හතක් පමණක් බවද පැවසූ ඔහු ජනාධිපතිවරයා මැතිවරණයට මුදල් නැතැයි පවසන්නේ අසත්‍යයක් බව සඳහන් කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *