Latestදේශීය

අස්වැසුම විරෝධතා සහ අහියාචනා අවසන්

“අස්වැසුම” සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාල සීමාව ජූලි මස 10 වැනිදායින් අවසන් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.

ඒ අනුව, මෙම දීමනා සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා ගනන 968,000 කි.ලැබී ඇති විරෝධතා ගනන 17,500කි. එහි සලකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සියළු කටයුතු මේ වනවිට සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

මෙම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසි සිදු කරනු ලබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *