Latestදේශීය

සී ඩී ට අළුත් ප්‍රශ්ණයක්

වැඩබලන පොලිස්පති ලෙස සී.ඩී වික්‍රමරත්න මාස 03ක් සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපති විසින් පත් කිරීම සමබන්ධ නීතිමය ගැටළුවක් මත් වියහැකි බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් හෙළි වේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මෙම පත්කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දැනගෙන ඇති බවත් ආණ්ඩුව නියෝජනය කරන දෙදෙනෙකු මෙම පත්කිරීමට විරුද්ධව අදහස් දක්වා ඇති බවත් අනාවරණය වේ. ඔවුන්ගේ මූලිකම තර්කය වී ඇත්තේ සති දෙකකට ආසන්න කාලයක් පොලිස්පති ධුරය හිස්ව තැබීමෙන් පසුව හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දිය නොහැකි බවය.

එසේ ලබා දී වැඩබලන පොලිස්පති ලෙස නම් කරන්නේනම් මෙයට පෙර ලබා දුන් සේවා දිගුව අවසන්වීමට පෙර අදාල පත්කිරීම් කළ යුතු බව එම ආණ්ඩුපක්ෂ නියෝජිතයන්ගේ මතය වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන නීතිමය උපදෙස් ගැනීමට එම නියෝජිතයන් දෙදෙනා ක්‍රියාකරන තත්වයක් දක්වා ප්‍රශ්නය දිගුදුර ගොස් ඇති බව මේ වනවිට හෙළි වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *