Latestදේශීය

කබ්‍රාල්, අර්ජුන් පසුකර යන නන්දලාල්

දේශීය ණය කපා හැරීම යටතේ සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල්වලට විශාල බලපෑමක් සිදු කිරීමේ සැලසුම් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉදිරිපත් කර තිබෙන්නේ මහ බැංකු විශ්‍රාම වැටුප් අරමුදලට ඉතා ඉහල පොලියක් ලබා දෙමින් තිබෙන පසුබිමක බව අනාවරණය කෙරේ.

මේ පිළිබඳව අද (11) කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කරුණු හෙළි කරනු ලැබීය. මහ බැංකුව තුළ පවත්වා ගෙන යන එම බැංකු සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අරමුදලට පසුගිය කාලයේ 26%ක පොලියක් ගෙවා ඇති අතර සේවක අර්ථ සාධක අරමුදලට ගෙවා ඇත්තේ 9% ක පොලියක් බව එම සම්මන්ත්‍රණයේදී හෙළිකරනු ලැබීය. එසේම, දේශීය ණය ඩොලර් බිලියන 42ක් ඇති බවත් එයින් ඩොලර් බිලියන 19.8ක් කපා හැරීමට සූදානම් වන බවත් හෙළිකරනු ලැබීය.

මේ යටතේ සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල්වලට 2025 සිට 2038 දක්වා 9.1%ක පොලියක් ලබාදීමෙන් අදාළ සාමාජිකයින්ගේ ගිණුම්වලට ලැබෙන පොලිය 6.1% පමණ දක්වා ඉතා අඩු මට්ටමකට වැටෙනු ඇති බව හෙළිකරනු ලැබීය. හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල් 2006 – 2014 කාලය තුළ අර්ථ සාධක අරමුදලේ මුදල් කොටස් වෙළඳපොලට යොදවා විශාල අලාභයක් සිදුකළ අතර අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති සමයේ එම අරමුදල් බැඳුම්කර වංචාවකින් කොල්ලකෑමට යොදා ගනු ලැබීය. වර්තමාන මහ බැංකු අධිපතිවරයා ද එම අරමුදලට බරපතළ අලාභයක් සිදුකර ඇති බව මෙම හෙළිදරව් කිරීමෙන් තහවුරු වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *