Latestදේශීය

ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන බයකළ අයට නීතිමය ක්‍රියාමාර්ග

දේශීය ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කළ විපක්ෂ ‍මන්ත‍්‍රීවරුන්ට හා දේශපාලනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීයවේදීන්ගේ සංගමය කටයුතු කරමින් සිටියි.

සංගමය පෙන්වාදෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට පෙර මේ පිළිබඳව ජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදු කරන ලද දේශපාලඥයන් පිළිබඳව තම අවධානය යොමුව ඇති බවයි.

එම පිරිස් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවත් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් එම සංගමය සඳහන් කලේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විමල් වීරවංශ, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු විපක්ෂයේ බොහෝ දෙනෙකු මෙම වැඩපිළිවෙළ පිළිබඳව සිදු කළ ප්‍රකාශයන් ගැන අධ්‍යනය කරමින් ඇති බවත් ඔවුන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රචාර හේතුවෙන් රට තුළ යළිත් මහජන කැලඹීමක් ඇති වීමේ අවදානම නිර්මාණය වී තිබූ වත් සංගමයේ නීතිඥ නලීන් පතිරණ මහතා පැවසීය.

මෙම අසත්‍ය ප්‍රචාර නිසා මහජනතාව බැංකු ගිණුම් වලින් හෝ සේවක අර්ථසාධක අරමුදලින් තම මුදල් ඉවත් කරගැනීමට කටයුතු කලේ නම් මූල්‍ය පද්ධතිය ම කඩා වැටීමේ අවදානමක් නිර්මාණය වී තිබූ බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

එසේ මුල්‍ය පද්ධතියේ කඩා වැටුනානම් අවුරුදු සීයකට වත් එය යථාතත්වයට පත් කිරීමට නොහැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *