දිල්හානිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
අද දින තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ වූ 25 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී නව ශ්‍රි ලංකා වාර්තාවක් සමගින් කාන්තා හෙල්ලය විසිකිරීමේ තරගයේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට දිල්හානි ලේකම් ගේ ක්‍රීඩිකාව සමත් විය.
මීටර 60.93 ක දුරක් හෙල්ලය විසිකරමින් නදීකා ලක්මාලි විසින් පිහිටුවා තිබූ වාර්තාව බිඳහෙලීමට සමත් වූ දිල්හානි ලේකම් ගේ මෙම තරගයේදී රන් හා රිදී පදක්කම් දිනූ ජපාන හා චීන ක්‍රීඩිකාවන් හැරෙන්නට මීටර හැටකට වඩා දුරක් වාර්තා කළ එකම ක්‍රීඩිකාව විය.
මෙය දිල්හානි විසින් ජයග්‍රහණය කළ දෙවන ආසියානු ශූරතා පදක්කමයි.
2017 වසරේ දී ඉන්දියාවේ පැවති ආසියානු ශූරතා තරගාවලියේ දී මීටර 58.11දුරක් වාර්තා කරමින් ඇය රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

