Latestවිදේශීය

නේටෝ ව්‍යාප්තිය ආසියාවටත්

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු රටවල් 12කින් අරම්භ කළ ඇමරිකාව මූලික නේටෝ යුධ සංවිධානය මේ වනවිට රටවල් 31ක් දක්වා ව්‍යාප්ත කර ඇති අතර එයආසියාව කරා ව්‍යාප්ත වීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතී.

ඊයේ (11) ලිතුවේනියාවේදී ආරම්භ වූ එම සංවිධානයේ මහා සමුළුවට ජපානය, දකුණු කොරියාව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය නිරීක්ෂණ මට්ටමේ රටවල් ලෙස සහභාගී වීම තුළින් මේ බවට ඉඟි පල වී ඇත. විශේෂයෙන්ම ඇමරිකාව මූලික වී පිහිට වූ කොඩ් සංවිධානයට අයත් ජපානය සහ ඕස්ට්‍රේලියාව නේටෝ සංවිධානයේ නිරීක්ෂණ මට්ටමේ සහභාගිත්වය තුළින් ආසියාවට යොමුවීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේකෂයන් මත පල කරමින් සිටී.

මෙම සමුළුවේදී ස්වීඩනයට සාමාජිකත්වය ලැබෙන අතර යුක්රේණයද සාමාජිකත්වය ඉල්ලා ඇතත් රුසියාව සමග පවතින යුද්ධය නිසා එය මෙම සමුළුවේදී නොලැබෙනු ඇති බවට මත පල වී තිබේ. නැගෙනහිර යුරෝපීය කඳවුරට අයත්ව තිබූ බල්ගේරියාව, එස්තෝනෙයාව, ලැට්‍රියාව, ලිතුවේනියාව, ස්ලෝවේකියාව සහ රුමේනියාව යන රටවල් 1999දී නේටෝවේ සාමාජිකත්වය ලබාගන්නා ලදී. ඉන් පසුව 2004දී චෙක් රාජ්‍යය හංගේරියාව සහ පෝලන්තයද එහි සමාජිකත්වය ලබාගත් අතර පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ රටවල් බොහෝමයක් නේටෝවේ සාමාජිකත්වය ලබාගෙන අවසන්ය. යුක්රේනයද ඒ අනුව යමින් සමාජිකත්වය ලබා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *