Latestදේශීය

රනිල් රකින බන්දුල

පසුගිය 2020 මහ මැතිවරණයේදී අංක 16 යටතේ කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ බන්දුල ගුණවර්ධන බැඳුම්කර කොල්ලයේ පාඩුව රුපියල් බිලියන 16ක් බවත්, ඒ මංකොල්ලකරුවන්ට දඬුවම්දීම සඳහා තමාට මනාපයක් ලබාදී පොහොට්ටු ආණ්ඩුව බලයට පත් කරන ලෙස ඉල්ලා සිටිමින් ජනවරම ලබා ගෙන මේ වනවිට රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීමේ ප්‍රමුඛයා වීමට ප්‍රයත්න දරණ බවට කරුණු හෙළි වෙමින් තිබේ.

මේ පිළිබඳව ආසන්නම කරුණු හෙළිවීම ඊයේ (11) පවත්වන ලද කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කළ ප්‍රකාශයකින් තහවුරු වේ. ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ විශාල ව්‍යාපෘතියට දේශපාලන හේතූන් ගෙන හැර දක්වමින් පඬුකරඳ ගසක් පිළිබඳ උද්ඝෝෂණ සිදු කළ බවයි. මේ නිසා රුපියල බිලියන 15ක පාඩුවක් එනම් රුපියල් කෝටි 1,500ක පාඩුවක් රජයට සිදුවී ඇති බව ප්‍රකාශ කරනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ආරක්ෂා කරමින් තම දේශපාලන උපාය මාර්ගය සකස් කර ගෙන සිටින බන්දුල ගුණවර්ධන පසුගිය මහ මැතිවරණයේදී රටට හෙළි කළේ බැඳුම්කර කොල්ලයෙන් අවම වශයෙන් රුපියල් කෝටි 1,600ක එනම් බිලියන 16ක පාඩුවක් රජයට සිදුකර ඇති බව ය.

ඒ පිළිබඳව දැන් කිසිවක් කතා නොකරන බන්දුල ගුණවර්ධන හොර රහසේම පඬුකරඳ ගස ගලවා ඉවත් කර එම ගස නිසා රුපියල් කෝටි 1,500ක පාඩුවක් සිදුවී ඇති බව ප්‍රකාශ කරයි. ඒ අතර පසුගිය වසරේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 90,400ක පොලු තැබූ වංචනිකයින් පිළිබඳව අමතක කර දැමීමට විශේෂත්වයකි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *