Latestවිදේශීය

69 හැවිරිදි තායිලන්ත අගමැති දේශපාලනයෙන් සමුගනී

තායිලන්ත අග්‍රාමාත්‍ය Prayuth Chan-ocha දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශයට පත්කර තිබේ.

ස්ථාවර රජයක් පත්වන තුරු පමණක් තමන් තාවකාලිකව බලයේ සිටින බව ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත.

2014වසරේ දී තායිලන්තය දේශපාලන වශයෙන් අස්ථාවර විය.

එහිදී එරට හමුදාව විසින් බලය අල්ලාගත් අතර හමුදාපතිධුරය හෙබවූ Prayuth Chan-ocha අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

අනතුරුව 2019 වසරේදී මහ මැතිවරණයක් පැවැත්වූ Prayuth Chan-ocha ඉන් විශිෂ්ට ජන වරමක් හිමිකරගනිමින් යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

Prayuth Chan-ocha මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවෙයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *