ක්‍රීඩාදේශීය

දර්ශන, රජිත, නදීශා මීටර 400 අවසන් තරගවලට

විසිපස්වන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ  දෙවන දිනය වන හෙට දින පිරිමි සහ කාන්තා මීටර 400 ඉසව් වල අවසන් තරග සඳහා සුදුසුකම්  ලැබීමට  අද පැවති  පූර්ව තරග වලදී ශ්‍රි ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  තිදෙනාම සමත් විය.

පිරිමි මීටර් 400  අවසන් පූර්ව තරගයේදී  අරුණ දර්ශන  තත්පර 45: 79 ක් වාර්තා කරමින්   අවසන් තරඟයට සුදුසුකම් ලැබූ අතර රජිත රාජකරුණා ඔහු සහභාගි වූ අවසන් පූර්ව තරගයේ දී පස් වන ස්ථානයට පත් වුවත් තත්පර   46: 12ක පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින්  අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. කාන්තා මීටර් 400 මූලික  තරඟවලදී වේගවත්ම කාලය වාර්තාකල නදීෂා රාමනායක මීටර් 400 කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *