මිලියන ගණනක රත්තරන් අත්අඩංගුවට
රත්‍රන් ජෙල් සහ කුඩු තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට සූදානම්වූ ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (11) දහවල් මෙම වැටලීම සිදුකර ඇත.
රේගුව ඇස්තමේන්තු කර ඇති පරිදි එහි වටිනාකම රුපියල් 16 කෝටි 40 ලක්ෂයක් පමණ බව බවද සඳහන් ය.
කටුනායක ගුවන්තොටුපොළ අශ්‍රිතව සිය ව්‍යාපාරික මෙහෙයුම් සිදුකරන මීගමුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයින් 04 දෙනෙකු සහ 55 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙම රත්‍රන් ජෙල් තොගය ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
සැකකරුවන් විසින් රැගෙනආ ගමන් මලු තුළ කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 650ක් බරැති මෙම රත්‍රන් ජෙල් කරල් 23ක් සහ රත්‍රන් කුඩු අඩංගු පැකට් 10ක් සඟවා තිබියදී රේගු නිලධාරීන් සොයාගෙන ඇත.
නිලධාරීන් භාරයට ගත් සැකසහිත භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාර්මික පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන ඇත.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

