Latestදේශීය

විදේශීය යාත්‍රාවක පහරදීමෙන් ධීවරයෙක් පිළිස්සී රෝහල්ගත කරයි

දකුණු මුහුදේ සිදුවූ අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා පියවර ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් පමණ ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී අනතුරක් හේතුවෙන් එම ධීවරයා පිළිස්සුම් තුවාල ලබා ඇති බවය.

අදාළ ධීවරයා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. 

“සචින්ත පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජුනි මස 22 වන දින ධීවරයින් පස් දෙනෙකු සමඟ මීගමුව ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

එම යාත්‍රාව ගාල්ලේ සිට ශ්‍රී ලංකාවට නිරිත දෙසට වන්නට වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී විදේශීය යාත්‍රාවක ගැටී ඇති බවත්, එහිදී එම විදේශීය යාත්‍රාවෙන් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු පිළිස්සීම් තුවාල ලබා ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවට දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ “ස්පාර් මිරා” නම් වූ වෙළෙඳ නෞකාව මඟින් පිළිස්සීම් තුවාල ලබා ඇති ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට පියවර ගත් බව නාවික හමුදාව පැවසුවේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *