ලබන වසරේ සිට විභාග නියමිත කාලයේදීම පවත්වනවා: අධ්‍යාපන අමාත්‍යවරයා
ලබන වසරේ සිට නියමිත කාලයටම සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.
පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීමට සිදුවු බවද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

