Latestදේශීය

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 2 වැනි දා සිට

2022 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 2 වැනි දා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන මස 12 වැනි දා දක්වා සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඇගයීම් ක්‍රමවේදයෙහි වෙනසක් නොවන අතර මෙවර ද පෙර වර්ෂයෙහි පැවති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත්  ක්‍රමවේදයම අනුගමනය කෙරෙන බව එන නිවේදනයේ සඳහන්. 

පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේ දී තැපැල් මගින් ලැබීමට සළස්වනු ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

මේ සම්බන්ධයෙන් 1911 සෘජු දුරකතන අංකය ඔස්සේ විමසීම් සිදු කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *