අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය ධාවනය යළිත්
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන්දීය ණය ආධාර යටතේ අනුරාධපුරය සහ ඕමන්තය අතර දුම්රිය මාර්ගය පසුගිය ජනවාරි මාසයේ දී වසා දමා අලුත්වැඩියා කිරීමට පියවර ගනු ලැබූ අතර මේ වනවිට එම අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇත.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දිනයේ එම මාර්ගයේ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක් සිදුකිරීමට නියමිතව ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමත් සමග කොටුව – කන්කසන්තුරය දක්වා සාමාන්‍ය දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට කටයුතු කරන බවයි.
නමුත් මහව සහ අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයද ඉදිරියේ දී අලුත්වැඩියා කිරීමට නියමිත අතර එම කාලය තුළ දී කොටුව සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය නතර කිරීමට සිදුවනු ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.