ඉන්දුනීසියානු රජය බදුගහන්නේ සංචාරකයින්ටයි
ඉන්දුනීසියාවේ බාලි දූපත වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා බදු පැනවීමට තීරණය කර තිබෙනවා.ඒ ලබන වසරේ සිටයි.
බාලි දූපතේ සංස්කෘතික ස්ථාන ආරක්ෂා කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
බාලි හි ආණ්ඩුකාරවරයා විසින් අදාළ තීරණය ගෙන තිබෙනවා.
මේ අතර විදෙස් සංචාරකයින් එහි සංචාරය කරන එක් වරකදී පමණක් එම බදු අය කිරීමට කටයුතු කරන ලෙස නීති සම්පාදකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව බාලි දුපත වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් ලබන වසරේ සිට අමෙරිකානු ඩොලර් 10ක මුදලක් බදු ලෙස අය කිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

