Latestදේශීය

නිවසක හෝ පිලිකන්නක හදන ඖෂධ ලංකාවේ? ඉදිරියේදිත් රෝගීන් මැරෙනවා – රාජිත

පසුගිය වසරක කාලය තුළ පමණක් ලියාපදිංචි නැති ඖෂධ වර්ග 785 ලංකාවට ගෙන්වා ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටිද්දි වසරකට එවන් ඖෂධ හතක්වත් ගෙන්වා නැති බවද පැවසූ ඔහු ඉතිහාසයේ මෙවන් තත්ත්වයක් කිසිදිනක උදා වී නැති බවද පැවසීය.

මෙම තත්වය යටතේ කවුරු භාරගත්තත් අද තව මාස ගණනක් යනතුරු රෝගීන් මිය ඇදෙන බව ද හෙතෙම පැවසීය.

අලුතෙන් ඖෂධ වූ ඇණැවුම් කිරීමට කාලයක් යන බවත් එතෙක් මෙම ගෙන්වූ ඖෂධ භාවිතා කළ යුතු බවත් ඒ නිසා රෝගීන්ගේ ජීවිත අවදානමක බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඇතැම් ඖෂධ වර්ග වල ඇසුරුම දුටුවාම එය නිවසක හෝ පිළිගන්නක හදන ඖෂධ බව ඇතැම් වෛද්‍යවරුන් තමන් දුරකථනයෙන් අමතා පවසන බවද සේනානායක මහතා කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *