ටෙස්ට් සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුලත් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක යළි කණ්ඩායම ට කැඳවා ඇති අතර දිල්ශාන් මධුශංඛ ද මෙවර ටෙස්ට් සංචිතය සඳහා ඇතුලත් කර තිබෙන බව සදහන්.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 16 වනදා ගාල්ලේ දී ආරම්භ වනවා.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

