Latestදේශීය

මාලිමාවේ පෙත්සම් විභාගය අද

මාර්තු 09වෙනිදා පැවැත්වීමට තිබූ පළාත්පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අසාධාරණ ලෙසත් ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙසත් කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (14) පෙ.ව. 9.30ට විභාගයට ගැනීමට නියමිතය.

පසුගිය මස 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නියෝග කර ඇති පරිදි මැතිවරණ කොමිසමේ නිලධාරීන්ද හෙට දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටිනු ඇත.

ජාතික ජන බලවේග ලේකම් නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර නීතිපති, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *