Latestදේශීය

රාජිතගේ නඩුවක සාක්ෂි විභාගයට දින නියම වේ

හිටපු ධීවර ඇමති රාජිත් සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන මූල්‍ය වංචා නඩුවකට අදාලව සාක්ෂි විභාගය ලබන නොවැම්බර් මස 22 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (13) නියෝග කර තිබේ.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර සටී.

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ එනම් 2014 වසරේ දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම තුළින් රජයට මූල්‍ය පාඩු සිදුකළේ යැයි විත්තිකරුවන්ට චෝදනා එල්ලව ඇත.

මෙම නඩුව ඊ‌යේ (13) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස සාක්ෂි විභාගය සඳහා දින නියම කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *