ක්‍රීඩාදේශීය

විනුක අවුරුදු 11න් පහළ ආසියානු පාසල් රැපිඩ් චෙස් රන් පදක්කම දිනා ගනී

ආසියානු පාසල් රැපිඩ් චෙස් ශූරතාවලියේ අවුරුදු 11න් පහළ විවෘත කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක විජේරත්න සමත් විය.

විජේරත්න 5.5/7ක විශිෂ්ඨ ලකුණු සංඛ්‍යාවක් ලබා රන් පදක්කමට හිමිකම් කීවේය.

ආසියානු චෙස් සම්මේලනය වෙනුවෙන් උස්බෙකිස්තානු චෙස් සම්මේලනය විසින් සංවිධානය කරන ලද ආසියානු පාසල් චෙස් ශූරතාවලිය 2023 ජූලි 13 ආරම්භ වූ අතර එය  ජූලි 22 අවසන් වීමට නියමිතයි.

තරගාවලිය විවෘත සහ බාලිකා යන අංශ දෙකටම අවුරුදු 7, 9, 11, 13, 15 සහ 17 න් පහළ සඳහා වෙන වෙනම කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.

පළමු ස්ථානය සඳහා වූ දැඩි සටනේ දී, ක්‍රීඩකයින් පස් දෙනෙක් එකම ලකුණු (5.5/7) ප්‍රමාණය ලබා ගැනීම කැපීපුනුණා. නමුත් අනිකුත් ක්‍රීඩකයින් පරයා යමින් විනුක නියමිත රන් පදක්කමට හිමිකම් කීමට සමත්වුණා. උස්බෙකිස්තානයේ ශක්ෂෝද් ඉස්මලොව් සහ කසකස්ථානයේ සුලෙයිමාන් අඛ්මෙට් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථන ලබා ගත්තා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *