සිනොපෙක් වැඩ අරඹයි
අද (15) සිට චීනයේ සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
අදාළ සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
සිනොපෙක් සමාගම සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ද ඊයේ (14) කොළඹදී සිදු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

