පෝර්ට් සිටි කෘත්රිම වෙරළ අද සිට විවෘතයි
කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්රයේ ඉදිවූ මෙරට පළමු කෘත්රිම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණා.
ඒ අනුව අද සිට මෙම කෘත්රිම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයන්ටද අවස්ථාව හිමිවන බවයි සඳහන් වන්නේ.
මෙම කෘත්රිම වෙරළ තීරය නිර්මාණය කර ඇත්තේ පෝර්ට් සිටි සංකීර්ණ තුළ ඇති ඇවිදින මංතීරුව ආසන්නයේ වන අතර මෙම කෘත්රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්රීඩා කිරීමට, විනෝදවීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති මෙම වෙරළ තීරය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වේ.
මෙම කෘත්රිම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්රයක්ද මහජනතාවට විවෘත කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

