බණ්ඩි පොහොර මිල අඩු කරයි
අද (15) සිට බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිල රුපියල් 1000 කින් අඩුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
මේ වනවිට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් රුපියල් 15,000ක් බැගින් අලෙවි කරන බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් අද සිට රුපියල් 14,000 දක්වා අඩු කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.
මෙම කන්නය ආරම්භ වනවිට රුපියල් 22,000 ඉක්මවා පැවති බණ්ඩි පොහොර මිල රජය විසින් රුපියල් 19,500 දක්වා අඩු කරනු ලැබුවා.
යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4500 කින් අඩු කිරීමට ද රජය පියවර ගෙන ඇත.
අද සිටම ගොවීන්ට එම මිලටම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් පොහොර ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

