Latestදේශීය

දරුවන් 2000ක් පමණ හෘද සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල

හෘද සැත්කම් සඳහා දරුවන් 2000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව රිප්වේ ආර්යා ළමා රෝහල පවසනවා.

රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය දිනකට හෘද සැත්කම් 05 බැගින් සිදුකිරීමට කටයුතු කරන බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කරන්නේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මහත් කැපවීමෙන් එම කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළා.

දැනට පවතින භෞතික පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සැත්කම් සංඛ්‍යාව වැඩිකිරීමට නොහැකි වී ඇති බව වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දෙනවා.

මීට පිළියමක් ලෙස මහල් 11කින් සමන්විත ළමා හෘද රෝග ඒකකයක් කොළඹ ළමා රෝහලේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර ඇති අතර එහි වැඩකටයුතු ලබන වසර මැද නිම කිරීමට සැලසුම් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *