ක්‍රීඩාදේශීය

නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම රිදී පදක්කම දිනයි

ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ හතරවන දිනය වූ අද දින ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම නව ශ්‍රී ලංකා වර්‍ර්තාවක් පිහිටුවමින් මීට සුලුවේලවකට ප්‍රථම පැවති 400×4 මිශ්‍ර සහය දිවීමේ තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුණා.

අනුර දර්ශන, තරුශි කරුනාරත්න, කාලිංග කුමරගේ සහ මීරට 400 කාන්තා තරගයේ රන් පදක්කම දිනූ නදීශා රමනායකගෙන් සමන්විතවූ කණ්ඩායම විනාඩි 3යි තත්පර 15.41 ක් කාලයක්  වාර්තා කරමින් තරගය අවසන් කලේ ඉන්දියාවට පමණක් දෙවෙනි වෙමින්.

තරගයේ ආරම්භය ලබාගත් අනුර දර්ශන ප්‍රථම තරගකරුවන් තිදෙනා අතර රැඳෙමින් තරග කල අතර මෙම තරගයට පැයකට ප්‍රථම කාන්තා මීටර 800 මූලික තරගය ජයගත් තරුශී දෙවෙනුව යෂ්ටිය ලබාගන්නා විට තරගයේ තෙවන ස්ථානයෙ පසුවුවත් තෙව්වන වටය සඳහා කලිංග කුමර හට දෙවන ස්ථානයේ රැඳෙමින්  යෂ්ටිය ලබාදීමට සමත්විය. අවසන් යෂ්ටි හුවමාරුවේදී නදීශා රාමනායක ප්‍රභල ජපාන හා ඉන්දීය ක්‍රීඩිකාවන් සමග කරට කර තරග වදිමින් දෙවන ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමට සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *