Latestක්‍රීඩාදේශීය

නව ආසියානු ශූරතා වාර්තාවක් සමගින් පිරිමි සහය දිවීමේ කණ්ඩායම රන් පදක්කම දිනයි

නව ආසියානු ශූරතා වාර්තාවක් තමන් සතුකරගත් ශ්‍රී ලංකා පිරිමි 400×4 සහය දිවීමේ කණ්ඩායම අවසන් තරගයේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවා ආසියනු මළල ක්‍රීඩා උලෙලේ පිරිමි 400×4 සහය දිවීමේ රන් පදක්කම දිනා ගැනීමට මීට සුලු වේලාවකට ප්‍රතම සමත්වුණා.

අරුන දර්ශන, රජිත රාජකරුණා, පබසර නිකූ සහ කාලිංග කුමාර එකව රන් පදක්කම ජයගැනීමට වාර්තා කරනලදා කාලය වුයේ විනාඩි 3යි තත්පර 1.56 ක කාලයක්. එය නව ආසියානු ශූරතා වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක්ද වනවා.

ඔවුන් විසින් බිඳහෙලනු ලැබූවේ 2000 වසරේ විනාඩි 3 තත්පර 2.71 ක් ලෙස මනුර ලංකා, වී. රත්න කුමාර, රංග විමලවන්ස සහ රොහාන් ප්‍රදීප් කුමර විසින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *