Latestක්‍රීඩාදේශීය

ප්‍රබල සටනකින් පසු තරුශි කාන්තා 400×4 රිදී පදක්කමත් දිනාදෙයි

මීටර් 800 තරගයේ රන් පදක්කම දිනා පැය තුනක් ගතවීමටත් මත්තෙන් නැවතත් තරගබිමට පිවිසි තරුශි කරුණාරත්න ක්‍රීඩිකාව ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර 400×4 සහය දිවීමේ තරගයේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට මීට සුලු මොහොතකට පෙර සමත් වුණා.

අවසන් වටය සඳහා යශ්ටිය ලබාගන්නාවිට හතරවන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්තානය දක්වා ගෙනඒමට තරුශි සමත්වුණේ විනාඩි 3 තත්පර 33.27 ක නව ශ්‍රී ලංකා වාර්තාවක ද වාර්තා කරමින්.

මීටර 400 කේවල තරගයේ රන් පදක්කම දිනූ නදීශා රාමනායක, ලක්ශිමා මෙන්ඩිස්, නිශේන්ද්‍රා ප්‍රනාන්දු සහ තරුශි කරුණාරත්න එක්ව බිඳදමුවේ පසුගිය ආසියානු ශූරතාවලියේ දී තබනු ලැබූ වාර්තාවයි.   


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *