Latestදේශීය

“අත” නායකත්වය අතට ගන්න සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

පක්‍ෂය තම නායකත්වය ඉල්ලා සිටින්නේ නම් හා පක්ෂ නායකයා එය බාර දීමට සූදානම් තමන් පක්ෂය භාර ගැනීමට සූදානම් බවද පැවසූ පක්ෂය ජයග්‍රහණය කරවීමට ද තමන් කටයුතු කරන බව පැවසීය.

පක්ෂ නායකයා අවශ්‍ය දේ තේරුම් ගනු ඇති බවත් වෙලාවට අවශ්‍ය දේ සිදු කරනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *