කෙහෙළිය වෙනුවට රාජිත ?
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නැවතත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඇති වී තිබේ.
කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාට විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් ගෙන එනු ලබන්නේ ඒ සඳහා ඉඩකඩ ලබාදෙමින් බවද එම සාකච්ඡාවන්හිදී කියැවෙමින් ඇත.
විපක්‍ක්ෂයේ සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම සඳහා දැනටමත් සාකච්ඡා කරමින් සිටී.
ඒ ඖෂධ ආනයනයේදී වංචා දූෂණ සිදුව ඇති බවටතත් ඖෂධ ප්‍රමිතියෙන් තොර බවටත් චෝදනා එල්ල කරමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

