40ක් එක්ක රනිල්ට කිට්ටු වන අනුර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වී පාර්මේන්තුවේ කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක එකමුතුවේ නායකත්වය සඳහා හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කිරීමට නියමිතව තිබේ.
මේ වන විට එම කණ්ඩායම සමග මන්ත්‍රීවරුන් 40ක් පමණ එක්ව කටයුතු කරමින් සිටින බව ද සඳහන්ය.
ඒ අනුව මෙම පිරිස ඉදිරියේ දී නිල වශයෙන් සන්ධානගත වීමට බලාපොරොත්තු වන අතර ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ද නියමිතව තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

