Latestදේශීය

සමස්ත ලංකා හෙද සංගමයෙන් අද සිට විරෝධතා මාලාවක්

සමස්ත ලංකා හෙද සංගමය විසින් අද (17) සිට විරෝධතා මාලාවක් ආරම්භ කරන බවයි පැවසෙන්නේ.

 ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට නියමිතයි.


සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කළේ තෝරාගත් රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධ කරගනිමින් අද දහවල් සිට මෙම විරෝධතා ක්‍රියාවට නංවන බවයි.

මේ අතර මෙම විරෝධතා හේතුවෙන් කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව ද  සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *