Latestදේශීය

උසස්පෙළ හදාරන්න කලින් වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාවක්

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින මාස තුනක පමණ කාලයේ සිසුන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව හිමිකර දීමට ඉදිරියේ දී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එමගින් උසස් පෙළ හැදෑරිමක් සිදුනොකළ ද සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලබාගත හැකි බව අමාත්‍යවරයා සදහන් කරයි.

ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරන ලදි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්වෙන ලදී .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *