එම්. 23 – 11 ක් මරයි
ඊසානදිග කොංගෝවේ කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.
එම්.23 නමින් හඳුන්වන කැරලිකාර කණ්ඩායමක් විසින් එරට ගම්මාන කිහිපයකට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරවලින් එම පුද්ගලයින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම කැරලිකාර කණ්ඩායම අසල්වැසි රුවන්ඩාවට සම්බන්ධකම් ඇති බවට කොංගෝ බලධාරීන් චෝදනා කරයි. කෙසේ නමුත් රුවන්ඩාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් හේතුවෙන් කොංගෝව තුළ මිලියන 5.5ක ජනතාවක් අවතැන් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

