Latestදේශීය

හිටපු පොහොට්ටු සභාපති බරපතල වැඩ සහිතව හිරේ

නාලන්ද එල්ලාවල ඝාතන සිදුවීම පාදක කරගෙන 1997 වසරේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනි තබා විනාස කිරීම, කඩයකට අනර්ථයක් සිදු කර රුපියල් 50000ක හානියක් සිදුකිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති සුදත් දිසානායක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක කළුආරච්චි ඇතුළු 09 ‍දෙනෙකුට බරපතළ වැඩ සහිතව වසර 5 1/2ක සහ වසර 7 1/2ක සිරදඬුවම් නියම කර තිබේ.

එම නඩුව ඊයේ (17) රත්නපුර මහාධිකරණයේදී කැඳවූ අවස්තාවේධී නඩුවක තීන්දුව මෙලෙස ප්‍රකාශ කර ඇත.

විත්තිකරුවන් ලෙස ඔවුන් 07 දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිත් කර තිබූ අභියාචනා පෙත්සමක්ද මීටපෙර නිෂ්ප්‍රභ කර තිබේ.

ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක කළුආරච්චි ඇතුළු 07 දෙනෙකුට බරපතළ වැඩ සහිතව වසර 5 1/2ක සිර දඩුවම් නියම කර ඇති අතර තවත් දෙදෙනෙකුට වසර 7 1/2ක සිර දඩුවම්ද නියම කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *