ජෙරම්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ රජයේ සහ පුද්ගලික බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (18) අවසර ලබා දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදී ඇත.
මෙලෙස පරීක්ෂා කිරීමට අවසර ලබාදී ඇති ගිණුම් අතරට දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ පුද්ගලික ගිණුම්, ඔහුට අයත් පුද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, යාඥා සිදුකරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිදට අයත් ගිණුම්ද ඇතුළත්ව තිබේ.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම බැංකු ගිණුම් හරහා රුපියල් කෝටි ගණනක මුදල් සංසරණය වී ඇති බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

