Latestදේශීයමතවාද

නව භික්ෂූත්වයක් අවශ්‍යයි

(මහේෂ් හපුගොඩ)

ප්‍රොතෙස්තන්තවාදය එක්ක ක්‍රිස්තියානිය තමන්ගේ පැවැත්ම වෙනස්කර ගත්ත.

නූතන ධනේශ්වර ලෝකයට අවශ්‍ය විදියට පවුල, අධ්‍යාපනය, චින්තනය, හැසිරීම, ආචාරධර්ම වෙනස්කර ගත්ත. පුජනීය බව පවා ප්‍රොතෙස්තන්තවාදය එක්ක වෙනස්උණා. මේක දැක්ක මෙයිජි අධිරාජ්‍යයා ජපානයේ බුද්ධාගම වෙනස් කරන්න තීරණය කරගත්ත. ඒකට හේතුව උනේ ප්‍රොතෙස්තන්තවාදය එක්ක ක්‍රිස්තියානි පූජ්‍යත්වයේ ඇතිවෙච්ච විකසිත බව (blossoming). 



ක්‍රිස්තියානි පූජකවරු එයාලගේ විවාහයෙන් පස්සේ පුදුම ජවයකින් වැඩකළා. අලුත් විදියේ වෙනසක් ඇතිවුණා. සමාජය ගැන කුහක මත පළකලේ නැහැ. ඒ එක්ක අලුත් විදියකට මිනිසුන් අමතන්න එයාලට පුළුවන් උණා. ධනාත්මක දේවල් නිකම්ම සමාජගත උණා.

ඒක නිසා මෙයිජි අධිරාජ්‍යයා හිතුවා ඒ විකසිතබවේ පණිවිඩය, ජීවිතය ගැන ධනාත්මක පණිවිඩය, ජීවිතය ගැන සර්ව සුභවාදී පණිවිඩය බුද්ධාගම ඇතුලෙන් ජපන් සමාජයට ගෙනියන්න. ජපානය ලෝකයේ තවත් එක පිම්මක් වෙත ගෙනියන්න. ඒකයි කියන්නේ ජපානය නූතන බව වැළඳ ගත්තම ඒ එක්ක මුළු සමාජයම පුර්ණ වෙනසක් වෙත ගමන්කළා කියල. 



අපි ධනවාදය වැළඳ ගත්ත උනාට එක කකුලක් පසු නූතන අධි තාක්ෂණ ලෝකයේ අනික් කකුල රාවනාගේ රෙද්ද අස්සේ….ඒ නිසා හැමදාම හැමදේම හොර රහසේ තමයි කරන්නේ. රහසින් විපරීත විනෝදයක් තමයි හොයන්නේ. එහෙම කරලා ලීක්කර ගන්නේ. මාධ්‍ය වලට නිව්ස් මවන්නේ.

අවම වශයෙන් බුද්ධාගම ඇතුලේ අළුත් භික්ෂුවක් නිර්මාණය කර ගන්න වෙලා තියනවා සාසනේ තවදුරටත් පවත්වාගෙන යන්න නම්. 

@theleader.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *