Latestදේශීය

කෙහෙළිය ගෙදර යනු – සත්‍යග්‍රහය ඇරඹේ

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ ඇතුළු එම අමාත්‍යංශයේ ප්‍රධානීන් ධුරවලින් ඉවත් වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී සත්‍යග්‍රහයක් අද සිට ආරම්භ කර කරන බව දුෂණයට නාස්තියට එරෙහිව බලය සංවිධානය පවසයි.

සංවිධානයේ සභාපති කම්මුනි තුෂාර මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ධුරවලින් ඉල්ලා අස්වන තුරු මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක බවයි.

මෙම වැඩසටහන සඳහා සිවිල් සංවිධාන රැසක් සහාය ලැබී ඇති බවද ඔහු පැවසීය.

බාල ඖෂධ ගෙන්වීම, ඖෂධවලින් මියගිය පුද්ගලයන්ට වන්දි ලබා නොදීම, ඖෂධවලින් මිය ගිය බව පිළිගැනීමට සෞඛ්‍ය බලධාරීන් සුදානම් නොවීම, ඖෂධය හේතුවෙන් වෙනත් රෝගාබාධ ඇතිවීම ආදී වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු කාරණාවකට විසඳුම් ලබා දීමට අපොහොසත් වීමේ වරද පිළිගෙන මෙම පිරිස ඉල්ලා අස්විය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *