Latestදේශීය

මං මොකටද අස්වෙන්නේ – කෙහෙළිය රඹුක්වැල්ල

සුළු පිරිසකගේ විරෝධය හමුවේ තමන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඊයේ (17) රාත්‍රියේ ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ප්‍රශ්නය – ඉස්පිරිතාල ඉස්සරහට ගිහින් වෛද්‍යවරු, රෝගීන්, වෘත්තීකයින් අස්වෙන්න කියනවා. අස්වෙනවා ද?

“100ක් 200ක් ඇවිත් කිව්ව පළියට අස්වෙන්න නම් සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. බොහෝම පැහැදිලිව කියන්නට ඕනේ මේ සම්බන්ධව සුළුවට තකන එක නෙමෙයි මගේ අදහස. ඒ සම්බන්ධයෙන් සංවේදී නොවන එක නෙමෙයි. මේ හැමදේකටම අපි සංවේදි වෙන්නත් ඕනේ. මිලියන 22කගේ නිදහස් සෞඛ්‍යයට මේ ගහන ප්‍රහාරයට මුහුණදෙන්න ඕනේ. ඒකට මම සුදානම්.”

ප්‍රශ්නය – මට කියන්න කවුද කුමන්ත්‍රණකරුවා කියලා…?

“කුමන්ත්‍රණකරුවා දන්නවා නම් මම බෙල්ලෙන් අල්ලාගෙන එනවා. CIDයට භාරදෙනවා හෙටම. ඒක සම්බන්ධව තමා මේ වෙනකොට අවශ්‍ය ආයතන, කණ්ඩායම් එක්ක අපි කටයුතු කරගෙන යන්නේ. ඒක මට මේ වෙලාවේ කියන්න බෑ.”

ප්‍රශ්නය – ලංකාවේ නිදහස් සෞඛ්‍ය විනාශ කරන්න කාටද උවමනාව තියෙන්නේ ?

“ඒක ඉතින් ඔබතුමාට තේරෙන්න එපැයි මෙතෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේක විනාශ කරන්න හදන පාපතරයෝ ඉන්නවා. නිදහස් සෞඛ්‍ය සම්බන්ධව සැකයක් ඇති කිරීමේ උවමනාවක් තියෙන කෙනෙකුට නම්, එය නිවැරදි කිරීමේ හැකියාවකුත් අපිට තියෙනවා. රටට නිවැරදි තත්ත්වයන් ඉදිරිපත් කරන්න ඔබටත් මටත් කරන්න බෑ. ඒ සම්බන්ධව ඉන්න අති විශිෂ්ට විශේෂඥයෝ තමා අද ඒ කර්තව්‍ය භාරගෙන ඉන්නේ. මේක මේ රෝසමල් යහනාවක යන ගමනක් නෙමෙයි. ඉතාමත් අභියෝගාත්මක වැඩක්.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *