Latestදේශීය

මත්ද්‍රව්‍ය ගෙන රිය පදවන රියදුරන් රටපුරා – අළුත් නීති ගේනවා

සිදුවන මාරක රිය අනතුරුවලදී අනතුරට ලක්වන රථවල රියදුරන් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර පරීක්ෂා කිරීමට අදාළ මූලික සාකච්ඡා මේවනවිට ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

මේ ඒ පිළිබඳව පැහැදලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා,

“මේ වනවිට මත්පැන් පමණක් නෙමෙයි විෂ මත්ද්‍රව්‍යයත් පානය කරලා රියදුරන් වාහන ධාවනය කරනවා. ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් හඳුනාගැනීමෙන් පසුව ඒ අවශ්‍ය උපකරණ ගෙන්වලා මත්පැන් වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් ආරම්භ කරනවා. විශේෂයෙන් මෙවැනි අය අත්අඩංගුවට පත්වුණාට පස්සේ, වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කරලා, අදාළ පරීක්ෂා කිරීම් කරලා තමා ඒ තහවුරු කරගැනීම කරන්නේ. ඉදිරියේ දී විශේෂයෙන්ම මාර්ග රිය අනතුරක් සිදුවුණොත් ඊට අදාළ රියදුරාව වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කරලා විෂ මත්ද්‍රව්‍ය අරගෙන තියෙනවා ද කියලා බැලීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිට මුලික සාකච්ඡා පවත්වනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන විසින් මේ සාකච්ඡා ආරම්භ කරලා ඉදිරියේ මේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් දැනට සාකච්ඡා කරමින් යනවා.”

2023 වසරේ ජූලි 15 වනදා වනවිටමාරක බස් අනතුරු 137ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

එමෙන්ම ඒ මහතා පවසා සිටියේ, පසුගිය ජුලි 10වනදා වනවිට මාරක රිය අනතුරු 1,135ක් සිදුවී ඇති අතර පුද්ගලයින් 1,202ක් මිය ගොස් ඇති බවය.  

මීට අමතරව බරපතළ තුවාල ලැබූ අනතුරු 2,088ක් සහ සුළු තුවාල ලැබූ අනතුරු 4,450ක් ද සිදුවී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *