Latestදේශීය

නිධන් හාරන්න ගිය පිරිසක් අත්අඩංගුවට

පොලිස් අන නොතකා ධාවනය වූ මෝටර් රථයක සිටි පුද්ගලයින් 5දෙනෙක් මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ජූලි 18 වනදා රාත්‍රී කාලයේ දී මාවතගම නගරයේ දී රථ වාහන අංශයේ නිලධාරීන් විසින් සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම නවත්වන ලෙස සංඥා කර තිබේ.

පසුව එම මෝටර් රථය අණ නොතකා කුරුණෑගල දෙසට පළා ගොස් ඇත.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් එම රථය ලුහුබැඳ ගොස් නවතා ඇති අතර එහිදී රියදුරු බීමත්ව සිටි බවට අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී මෝටර් රථයේ සිටි සිව්දෙනෙක් පළාගොස් ඇති අතර, පසුව මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී කඩු ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයාගැනීමට හැකිවී ඇත.

එලෙස සොයාගත් දෑ අතර කඩු 4ක්, විදුලි ඩෙටනේටර් 9ක්, ජෙලට්නයිට් කූරක්, ඩ්‍රිල් යන්ත්‍ර 3ක්, ඇමෝනියා කිලෝ 1 ග්‍රෑම් 300ක් සහ කැණීම් උපකරණ ද වේ.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් රියදුරු අවුරුදු 44ක් වන දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.

සැකකරුව ඊයේ (19) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

මේ අතර ඊයේ ගිරිඋල්ල, කොදෙණිය හා මීරිගම පොලිස් වසම්වලදී කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෝටර් රථයෙන් පළාගිය සැකකරුවන් සිව්දෙනා ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37,39, 40 හා 45 යන වයස්වල පසුවන අඹේපුස්ස, දඹදෙණිය හා කොටදෙණියාව ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් 5දෙනා පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් බිබිල ප්‍රදේශයට ගොස් කැණීම් සිදුකර නැවත පැමිණෙමින් සිට ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත ඊයේ සවස බෝයවලාන පොලිස් වසමේ දී සැකකරුවන්ට පුපුරණ ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 47 හැවිරිදි කල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් අද පිලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *