මට සල්ලි ලැබුනේ මෙහෙමයි – ගෝඨාභය රාජපක්ෂ
පසුගිය වසරේ පැවති අරගලයේ දී ජනාධිපති මන්දිරයේදී තිබී අරගල කරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂය ඉක්මවූ මුදල හමු වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඔහු සඳහන් කර ඇත්තේ එම මුදල ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ව්යාපාරික අරමුදලෙන් තමන් වෙත භාර දෙන ලද්දක් බවයි.
මේ බව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා දෙවන ප්රකාශයක් මගින් දැනුම් දී තිබේ.
අදාල මුදල අරගලකරුවන් විසින් විනාශ කළ දේපොළ යථා තත්ත්වයට පත් කිරීමට භාවිතා කිරීමට නියමිතව තිබූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කර ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

