ලොව මවිත කරමින් උතුරු කොරියාවට දිවගිය ඇමරිකානු සෙබලා
දකුණු කොරියාවේ ඇමරිකානු කඳවුරක සේවයේ යොදවා සිටි එරට යුධ හමුදා සෙබළෙකු වන ට්‍රැවිස් කින් උතුරු කොරියාවට පලා ගොස් ඇති බව නිල වශයෙන් පිලිගැනීමත් සමග ජාත්‍යන්තර මාධ්‍යවල මවිතයට හේතු වී තිබේ.
මෙම ඇමරිකානු සෙබලා පලා ගොස් සිටින්නේ, ලෝකයෙන් හුදකලා වූ රාජ්‍යයක් හැටියට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් උතුරුකොරියාව නම් කර තිබෙන අතර ඒකාධිපාලනයකට යටත් දරුණු මානව හිමිකම් උල්ලංගණය කරනු ලබන රටක් වශයෙන්ද හඳුන්වා දී තිබියදීය.
මෙම සෙබළා මගින් උතුරු කොරියාව ඇමරිකාණු අතිශය රහස් යුධ තොරතුරු ලබාගනු ඇති බවට ජාත්‍යන්තර නිරීක්ෂකයන් මත පල කරයි. ට්‍රැවිස් කින් නම් මෙම සෙබලා ස්වේච්ඡාවෙන්ම උතුරු කොරියාවට පලා යාම ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් උතුරු කොරියාව සම්බන්ධයෙන් ගෙනයන ප්‍රචාර තවදුරටත් වලංගු භාවයක් පවතින්නේදැයි ප්රශ්නකෙරෙන සුළු බව මේ වනවිට ජාත්‍යන්තර විශ්ලේෂකයන් මත පලකරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

