Latestදේශීය

ඖෂධයක් අසාත්මික වී තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අක්මාවේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය 10 වැනිදා කෑගල්ල රෝහලට ඇතුළත් කළ 57 හැවිරිදි කැගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

ඔහු රෝහල් ගත කිරීමෙන් පසු ඔහුට ප්‍රතිජීවක ඖෂධය අවස්ථා 13කදී ලබා දී ඇති අතර 14 වන අවස්ථාවේ ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවත් මොහුටද ලබා දී ඇත්තේ දැනට මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධය බව රෝහල් බලධාරීන් සඳහන් කරියි. කෙසේවෙතත් මොහු එදින ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් 19වන රෝගියා මොහු බවද වාර්තා වේ.

අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇති වීමට හැකියාව පැවති බවද කෑගල්ල මූලික රෝහලේ බළධාරීන් ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂවරියා සඳහන් කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *