රනිල් ඉන්දියාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජූලි 20-21 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරනු ලබන පසුබිමක මෙම සංචාරය සිදු කෙරේ.
ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම සංචාරය අතරතුර ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදි මුර්මු මහත්මිය හමු වනු ඇත. තවද එතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් හමු වී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.
දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු ඇත.
@මාධ්‍ය ඒකකය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

