Latestදේශීය

වව්නියාවේ හෝටලයක ගින්නක්

වව්නියාව පැරණිබස් නැවතුම්පල ආසන්නයේ පිහිටි පෞද්ගලික හෝටලයක ඊයේ (19) රාත්‍රියේ ඇති වූ ගින්නකින් හෝටලයට දැඩි හානි සිදුව ඇතයි වව්නියාව පොලීසිය පවසයි.

හෝටලයේ ආහාර පිසින ස්ථානයේ ඇති වූ ගින්න සැනෙකින් මුලු හෝටලයටම ව්‍යාපත්වීම හේතුවෙන් එහි සේවකයින්ට හා ප්‍රදේශවාසීන්ට ගින්න පාලනය කරගැනීමට නොහැකිව ඇත.

කෙසේ වෙතත් ඒ පිළිබඳව වව්නියාව නගරසභාවේ ගිනිනිවන ඒකකයට දැනුම් දී එහි ගිනිනිවන රථය අදාල ස්ථානයට පැමිණ ගින්න අනෙක් ගොඩනැගිලිවලට ව්‍යාප්තවීම වලකාලමින් ගින්න නිවා දැමීමට කටයුතු කරන ලදි.

කෙසෙ වෙතත් ගින්න නිවාදමන විටද ගින්න ඇති වූ හෝටලයේ සියලු බඩු බාහිරාදිය ගින්න හේතුවෙන් සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවටද ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවටද පොලීසිය පැවසීය.

ගින්න ඇති වීමට නිශ්චිතම හේතුව අනාවරනය නොවුනද ආහාර පිසින ස්ථානයේ තිබූ ගෑස් සිලින්ඩරය පලුදු වී ඇති බවටත් මේ හේතුව නිසා හෝටලය පුරාම කාන්දු වූ ගෑස් විසිරී යාම හේතුවෙන් සැනකින් ගින්න ඇති වූ බවට පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය සැකපල කර සිටියි.

(වන්නි රොමේෂ් මධුෂංක)

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *