Latestදේශීය

මිලියන 11ක කේරල ගංජා ‌අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාමුනෙයි ප්‍රදේශයේ (2023 ජුලි 19) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස්පහකට (35) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීම මඟින් (2023 ජුලි 19) යාපනය, මාමුනෙයි ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබූ පාර්සල් දහඅටක් (18) නීරීක්ෂණය කර පරීක්‍ෂාවට ලක්කරන ලදී. එහිදී, එම පාර්සල් දහඅටෙහි (18) අසුරන ලද කේරළ ගංජා කිලෝ 35 ග්‍රෑම් 900 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 11 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා කිලෝ 35 ග්‍රෑම් 900 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *